මෙම ජූලි මාසය තුළදී මෙරටට වාහන ආනයනය කිරීම සැලකිය යුතු ලෙස පාලනය වී ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ආනයන හා අපනයන පනත යටතේ ඉදිරිපත් කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පවතින ආර්ථික තත්ත්වය මත වාහන ආනයන පාලනය හා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී විශේෂ අනාවරණයක් සිදු කර ඇත.














