2026 ජූලි 23 වන දින රාගම පොලිස් වසමේ මහර නුපේපගොඩ ප්‍රදේශයේදී, රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලීටර් 67.5ක් (බෝතල් 90ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 53ක් වන මහර නුපේපොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














