ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි සඳහා භාවිත කර, පසුව නැවත භාවිතයට ගැනීම අත්හිටුවා ධාවනයෙන් ඉවත් කරන ලද වාහන සහ යතුරුපැදි 271ක් ප්‍රසිද්ධ වෙන්දේසියේදී අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
දින 07ක් පුරා මෙම දැවැන්ත පොලිස් වාහන වෙන්දේසිය පැවැත්වෙන අතර, මීට අමතරව භාවිතයෙන් ඉවත් කරන ලද අබලි වාහන අමතර කොටස්, ටයර් සහ බැටරි තොග ද මෙම වෙන්දේසිය යටතේ අලෙවි කිරීමට නියමිතය.














