සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන 801 වැනි රන්දෝලි මහ පෙරහර හෙට (ජූලි 25) වීථි සංචාරය කිරීමට නියමිතය.
සබරගමු මහ සමන් දේවාල ඉතිහාසයේ පැවැත්වෙන 801 වැනි මහ පෙරහර මෙය වන අතර, පෞරාණික චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් පෙරහර සාර්ථකව පැවැත්වීමට දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු සංවිධායක මණ්ඩලය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත.














