ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත රෝගීන් සංඛ්‍යාව 80,114ක් ලෙස සටහන් වී තිබේ.
ජූනි සහ ජූලි මාසවලදී ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, 2026 වසරේ 29 වන සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා වැඩි වී ඇත. වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බැවින්, පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙසත් උණ තත්ත්වයක් පවතී නම් වම ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.














