කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන ජූලි 30 සහ 31 යන දෙදින තුළ ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සේවක අර්ධ සාධක අරමුදල් දත්ත පද්ධතිය හා ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන මෙම නඩත්තු කටයුතු නිසා ප්රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු සේවාවන් සිදු නොවන අතර, එම දිනවල සේවාවන් ලබා ගැනීම සඳහා පෙර වේලාව වෙන් කරගත් සියලු දෙනා හට මසක කාලයක් තුළ ඕනෑම කාර්යාල දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබා ගැනීමට හැකියාව ඇත.














