2026 ජූලි 23 දින හබරණ පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ කිතුල්උතුල ප්‍රදේශයේදී, ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා අවුරුදු 27ක් වූ තනමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාර් රථයේ රියැදුරු ද අනතුරින් තුවාල ලබා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර හබරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














