2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ ‘ද ඕවල්’ ක්‍රිකට් පිටියට හිමිව තිබේ.
ඒ අනුව එම තරගය ලබන වසරේ ජූනි 09 වන බදාදා දින සිට ජූනි 13 වන ඉරිදා දක්වා ‘ද ඕවල්’ (The Oval) ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත. 2027, 2029 සහ 2031 යන වසරවල පැවැත්වෙන මීළඟ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුන සඳහා සත්කාරකත්වය එංගලන්තය විසින් දරන අතර, ඊට අදාළ ක්‍රීඩාංගණ තෝරා ගැනීමේ වගකීම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) වෙත පැවරී තිබේ.














