දිට්වා ආපදාව හේතුවෙන් සම්පූර්ණයෙන් හානි වූ වතු පාසල් යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම, වතු ප්‍රදේශවල පවතින ගුරු හිඟය විසඳීම සඳහා මෙම වසරේ සිදු කරනු ලබන ගුරු බඳවා ගැනීම්වලදී විශේෂ අවධානයක් යොමු කරන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.














