පසුගිය මාර්තු මස 01 වන දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල සහ ජූලි 01 වන දින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 49 දෙනෙකු වෙත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පුරප්පාඩු සඳහා පත්වීම් ලිපි ඊයේ (23) ප්‍රදානය කර තිබේ.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය සඳහා අනුයුක්ත කරනු ලබන මෙම නව නිලධාරීන් පිරිස වෙත පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්දන අබයරත්න මහතා, අනුරාධපුර යුගයේ සිට පැවත එන ලේකම් සේවයේ ඓතිහාසික පසුබිම පෙන්වා දෙමින්, උපත්, මරණ, විවාහ සහ ඉඩම් ඇතුළු ජනතාවගේ තොරතුරු ලේඛනගත කරමින් මහජනතාවට කඩිනම් හා කාර්යක්ෂම සේවයක් ලබා දීමේ බරපතළ වගකීම මෙම නිලධාරීන් වෙත පැවරී ඇති බව අවධාරණය කළේය.














