NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව සහ විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් දිල්ලියේ පැවැත්වෙන සිසුන්ගේ විරෝධතා ව්‍යාපාරයට සල්මන් ඛාන් සහ ආර්. මාධවන් යන නළුවන්ට පසුව බොලිවුඩ් නිළි ආලියා භට් ද සිය සහය පළ කර තිබේ.
සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් හඬ නඟන සිසුන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය අගයමින් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කර ඇත.














