චීනයේ ඊසානදිග ප්‍රදේශයට බලපා ඇති මහා ගංවතුර තත්ත්වය මධ්‍යයේ, ගැබිනි මව්වරුන් දෙදෙනෙකුට සිදු කිරීමට නියමිතව තිබූ සංකීර්ණ සැත්කම් දෙකක් සඳහා වේලාවට රෝහලට ළඟා වීමට බයිසිකලය තල්ලු කරමින් පැමිණි වෛද්‍යවරයකු ලෝකයේම දැඩි අවධානයට ලක්ව තිබේ.
ෂෙන්ජිං රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු වන චූ ෂෙන්හාඕ (Chu Zhenhao) මහතා මෙලෙස දුෂ්කරතා මැද රෝහල වෙත පැමිණ ඇති අතර, තම රෝගීන් වෙනුවෙන් කලින් දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා කෙසේ හෝ රෝහලට යාමට උත්සාහ කළ බව ඔහු පවසා ඇත.














