පාසිකුඩා සංචාරක කලාපයේ ක්‍රියාත්මක වන හෝටල් 17ක් ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු අත්‍යවශ්‍ය 1% ක ව්‍යුහාත්මක බද්ද වසර ගණනාවක් පුරා ගෙවා නොමැති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) ගෙවීම් කළද, ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු මෙම බදු මුදල් පැහැර හැරීම හේතුවෙන් ප්‍රදේශයේ යටිතල පහසුකම්, සනීපාරක්ෂාව සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා ලැබිය යුතු විශාල මහජන අරමුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පසුගිය යුද්ධයෙන් පසු ආරම්භ කළ සංචාරක ව්‍යාපාර යටතේ ප්‍රධාන ආයෝජකයින්ට බදු දුන් මෙම හෝටල්වල නීතිමය සහ බදු වගකීම් නිසි ලෙස ක්‍රියාත්මක වන බවට වගබලා ගන්නා ලෙසත්, ප්‍රදේශයේ තොරතුරු ලබා දීමට අසමත් වූ බවට චෝදනා ලැබූ SLTDA හි මහිර් නමැති නිලධාරියා ඇතුළු අදාළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා අදාළ අමාත්‍යාංශ සහ බලධාරීන්ගෙන් ඉල්ී සිටියේය.














