බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හේතුවෙන්, ශ්‍රී ලංකීය අපනයන සඳහා යෝජනා කර තිබූ අතිරේක 12.5% ක තීරුබද්ද 10% දක්වා අඩු කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන ඇති බව මූල්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
සාධාරණ වෙළඳාම, වගකිවයුතු ව්‍යාපාරික භාවිතයන් සහ ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රම ප්‍රමිතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙන්වන කැපවීම මෙමඟින් පිළිබිඹු වන අතර, මෙම තීරුබදු කප්පාදුව හරහා ඇමරිකානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකීය අපනයනවල තරඟකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














