පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වෙමින් සිටියදී, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
පොලිස් රාජකාරီවලට බාධා කළ බවට වන නඩුවක් සඳහා අර්චුනා මන්ත්‍රීවරයා අධිකරණයට පෙනී නොසිටීම මත මෙම වරෙන්තුව නිකුත් කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සභා වාරයට සහභාගී වෙමින් සිටියදී මෙලෙස වරෙන්තු නිකුත් කිරීම ඔහුගේ මෙන්ම සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කඩවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.














