ඉන්දියාවේ NEET විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් එරට අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් නවදිල්ලියේ ජන්තර මන්තර ප්‍රදේශයේ විරෝධතාවක් අඛණ්ඩව පැවැත්වෙමින් තිබේ.
විරෝධතාවට එක්ව සිටින බහුතරය තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අතර, ඔවුන් ගොවි පවුල්වල දරුවන්ට දැරිය නොහැකි ඉහළ අධ්‍යාපන ගාස්තු සහ රටේ පවතින උග්‍ර රැකියා හිඟය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් ගැටලු රැසක් මුල් කරගනිමින් දැඩි විරෝධතාවක නිරතව සිටිති.














