කාවඩි කණ්ඩායම් අතර ඇති වූ ආරවුලක් සහ තර්ජනාත්මක හඬපට හේතුවෙන් ආන්දෝලනයට තුඩු දුන් දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දිනයට ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
පළමු පේළි පෙරහර ඊයේ (23) රාත්‍රියේ ආරම්භ වූ අතර, ආරවුලට මුල් වූ දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මදුෂංක මහතා දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරහරේ ගමන් කළේය. ජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව මෙන්ම රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 650 ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100 ක් සහ බුද්ධි අංශ නිලධාරීන් රාජකාරੀ සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත. මෙම මහා රන්දෝලි පෙරහර ලබන 29 වැනි දින පැවැත්වීමට නියමිතය.














