දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු 2019 වර්ෂයේදී පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 16.5 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු මිලදී ගැනීමේ ව්‍යාපෘතියකදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් රජයට පාඩුවක් සිදු කිරීම යන චෝදනාව මොහුට එල්ල වී ඇති අතර, සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














