තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු බියක් හෝ ගැටලුවක් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (24) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු අදහසක් නොමැති බවද ඔහු එහිදී අවධාරණය කළේය.














