පාදුක්ක ප්‍රදේශයේ සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (24) අලුයම 5.00ට පමණ තලාව මොරගොඩ ප්‍රදේශයේදී වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 06 දෙනාම තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නැතැයි වාර්තා වේ. වනඅලි ප්‍රහාර බහුල මෙම ප්‍රදේශයේ පවතින ගැටලුවට කඩිනමින් ස්ථීරසාර විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














