ඉරානයට එරෙහිව මෙතෙක් දක්නට ලැබුණු ප්‍රහාරයන්ට වඩා විශාල “දැවැන්ත ප්‍රහාරයක්” දියත් කරන්නේ ද යන්න පිළිබඳව තමන් ඉතා ආසන්නයේදී තීරණයක් ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
පසුගිය දෙසතිය පුරා අමෙරිකානු හමුදා ඉරාන ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කර ඇති අතර, යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම විසින් රතු මුහුදේ සෞදි අරාබියට අයත් තෙල් නැව් දෙකකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඉදිරියේදී සිදුවන ඕනෑම හූති ප්‍රහාරයකට ඉරානය වගකිව යුතු බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත. තමන් ඉල්ලා සිටියහොත් ඊශ්‍රායලය ද මෙම මෙහෙයුමට එක්වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















