සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා මෙන්ම සාමාජිකයෙකු ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
එහි සෙසු සාමාජිකයන් ලෙස එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරුන් පත් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මෙම පත්වීම් ලිපි භාර දෙන ලද අතර, කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීමෙන් ඇති වූ පුරප්පාඩු වෙනුවෙන් මෙම පත්වීම් සිදු කර තිබේ.
















