අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත්ව තිබේ.
අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයෙන් අනතුරුව ගත් ඡන්ද විමසීමේදී යෝජනාවට විපක්ෂව ඡන්ද 152ක් හිමි වූ අතර, ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණි. මීගමුව බන්ධනාගාර ගැටුමේදී අමාත්‍යවරයා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සනින් මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදී තිබිණි.
















