ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ධර්මයෙන් එකිනෙකට බැඳුණු, වෙනත් කිසිදු රටකට නොදෙවෙනි ශිෂ්ටාචාරමය සහෝදරත්වයක සබඳතාවයක් බවත්, පාළි භාෂාව සහ බෞද්ධ උරුමය සුරැකීමට ඉන්දියාව සදහටම කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.
“ශ්‍රී ලංකාවේ පාළි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම” තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් දෙරට “ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්” ලෙස හැඳින්විය හැකි බවයි. 2024 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාව විසින් පාළි භාෂාවට “සම්භාව්‍ය භාෂාවක” තත්ත්වය පිරිනැමූ අතර, දැනට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5 ඉක්මවා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














