රුසියාව සහ යුක්‍රේනය අතර දෙපසින්ම එල්ල වූ ප්‍රබල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යුක්‍රේනයේ කියෙව් (Kyiv) කලාපයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ස්ලෝවියන්ස්ක් (Sloviansk) නගරයට එල්ල වූ ගුවන් බෝම්බ ප්‍රහාරවලින් තවත් 5 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර යුක්‍රේනය විසින් රුසියාවේ කිරොව් (Kirov) කලාපයේ කර්මාන්තශාලාවකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් රුසියානු ජාතිකයින් 6 දෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා ඇත. යුක්‍රේනය විසින් රුසියානු ඩ්‍රෝන යානා සිය ගණනක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර, රුසියාවේ ‘Wildberries’ වෙළඳ සේවාවේ ගබඩා සංකීර්ණ රැසකට ද ප්‍රහාර එල්ල වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














