ශ්‍රී ලංකාව තුළ වසරේ ගත වූ මාස 07ක කාලය තුළ වෙඩිතැබීම් සිදුවීම් 21ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (23) දිනයේ පමණක් පැය 3ක් ඇතුළත දෙමටගොඩ සහ වත්තල ප්‍රදේශවල වෙඩිතැබීම් දෙකක් සිදුව තිබේ. වත්තල, පල්ලියවත්තේ සාදයකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු රොෂාන්’ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් ඉලක්කය වැරදීමෙන් ‘වනාතේ සුමේධ’ නැමැත්තා මියගොස් ඇත. මේ අතර දෙමටගොඩ සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිදුවීම් පසුබිම් කරගනිමින් දෙවුන්දර දේවාලයේ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 600ක් ඇතුළු විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.














