රජය නියම කර ඇති උපරිම පාලන මිල ඉක්මවමින් දේශීය නාඩු සහල් අලෙවි කළ ගම්පොළ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට රුපියල් 500,000ක (ලක්ෂ පහක) දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ජූනි 23 වනදා සිදුකළ වැටලීමකදී, රුපියල් 230ක් වන උපරිම පාලන මිල පටහැනිව රුපියල් 240 බැගින් නාඩු සහල් කිලෝග්‍රෑමයක් අලෙවි කර තිබියදී සොයාගෙන ඇත. ඒ අනුව ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවේදී අදාළ සුපිරි වෙළඳසැල වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩය නියම කර තිබේ.














