ශ්‍රී ලංකාවේ දෛනික දියර කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 43%ක ප්‍රමාණයක් පමණක් බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මීට අමතරව උසස් තත්ත්වයේ කිරිගවයින් සහ මීගවයින් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නිකවැරටිය බෝ කිරීමේ ගොවිපළ සංවර්ධනය කිරීමට තවත් රුපියල් මිලියන 1,000ක් වෙන්කර තිබේ. දේශීය කිරි ගොවීන් සබල ගැන්වීම සහ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන පශු සම්පත් ගොවිපළ නවීකරණය කරමින් ඉදිරියට ගෙන යාමට රජය පියවර ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.














