වයඹදිග පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි ආරක්ෂක මුරපොලකට සන්නද්ධ කල්ලියක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් සොල්දාදුවන් 12 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්රහාරයෙන් අනතුරුව පාකිස්ථාන හමුදාව එල්ල කළ ප්රතිප්රහාරවලින් සන්නද්ධ සාමාජිකයින් 12 දෙනෙකු ද මියගොස් ඇත. ප්රාදේශීය තලේබාන් සංවිධානය (TTP) මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු යොදාගනිමින් මෙම ප්රහාරය එල්ල කළ බවට වගකීම භාරගෙන තිබේ. මෙම ත්රස්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ සිට ප්රහාර සැලසුම් කරන බවට පාකිස්ථානය චෝදනා කළ ද ඇෆ්ගනිස්ථානය එම චෝදනා ප්රතික්ෂේප කරයි.














