ඇමෙරිකාව සහ ඉරානය අතර නතර වී තිබූ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ විශේෂ තල්ලුව මත පාකිස්තානය සහ ඉරානය නව රාජ්‍යතාන්ත්‍රික මාවතක් ගවේෂණය කරමින් සිටින බව පාකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ මූලික සාකච්ඡා ඉරාන ස්වදේශ කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමෙනි මහතාගේ පාකිස්තාන සංචාරය අතරතුර සිදු කර ඇති අතර, පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා ද පසුගිය සතියේ චීනයේදී චීන බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ සෞදි අරාබියට එල්ල වන හූති ප්‍රහාර නිසා චීනයේ ආර්ථික සහ වෙළඳ නාවික කටයුතුවලට බාධා පැමිණ ඇති බැවින්, ගල්ෆ් කලාපයේ ප්‍රහාර නතර කිරීම මෙම සාකච්ඡා ආරම්භ කිරීමේ ප්‍රධාන පූර්ව කොන්දේසියක් බව පාකිස්තානය ඉරානයට දැනුම් දී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














