රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කරන බවත්, මුදල් උපයෝගී කරගෙන පක්ෂයේ සහ තමාගේ ප්‍රතිරූප ගොඩනගා ගැනීමට හෝ සමාජ මාධ්‍ය හරහා බොරු ස්ථාපිත කිරීමට හැකියාව තිබුණත් එවැනි දෑ නොකර සැබවින්ම ජනතාවට සේවය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
හොරොව්පතාන, වගොල්ලාගොඩ, බෝධිරුක්ඛාරාම මහා විහාරයේ ධර්ම ශාලාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත. ආපදා සමයේදී ජනතාවට ලබාදෙන බව පැවසූ දෑ ලබා නොදී සමාජ මාධ්‍ය තුළ ඡායාරූප සහ වීඩියෝ පළ කිරීමට පමණක් රජය කටයුතු කළ බවත්, අදටත් වගා හානි සහ දේපළ හානි සඳහා නිසි පිළිතුරු නොමැති බැවින් ජනතාව දෛනිකව රජයට රැවටෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














