සෙයිලින්කො ලයිෆ් (Ceylinco Life) සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි ‘ෆැමිලි සවාරි’ (Family Savari) මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහී පවුල් 10ක් සඳහා සියලු වියදම් සහිත මැලේසියානු සංචාරයක් ලබා දී තිබේ.
මෙම සංචාරය සඳහා ජයග්‍රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු ඇතුළත් වූ අතර, ඔවුන් ක්වාලාලම්පූර් නගරයේ ප්‍රසිද්ධ පෙට්‍රොනස් නිවුන් කුළුණු (Petronas Twin Towers), ඇක්වාරියා කේඑල්සීසී (Aquaria KLCC) සහ ගෙන්ටිං හයිලන්ඩ්ස් (Genting Highlands) හි ස්කයි වර්ල්ඩ්ස් තේමා උද්‍යානය (Genting SkyWorlds Theme Park) නැරඹීමට එක්වී ඇත. එසේම, මෙම සංචාරය සඳහා සෙයිලින්කො ලයිෆ් බ්‍රෑන්ඩ් තානාපතිවරුන් වන රොෂාන්, කුෂ්ලානි සහ මින්නත් රණවන යන කලාකරුවන්ද එක්ව සිටි බව සමාගම පවසයි.














