ශ්‍රී ලංකාවේ හපුතලේ පිහිටි සුඛෝපභෝගී වතු බංගලාවක් වන ‘තොටලගල’ (Thotalagala) ආයතනය, ලොව පුරා කීර්තිමත් ආගන්තුක සත්කාර ගමනාන්ත ඇතුළත් **’World’s 50 Best Discovery’** ලැයිස්තුවට තෝරාගෙන තිබේ.
ලිප්ටන් සීට් (Lipton’s Seat) දෙසට විහිදෙන ඓතිහාසික වතුයායක පිහිටා ඇති තොටලගල, එකිනෙකට වෙනස් තේමාවන්ගෙන් යුත් ස්වීට් 7කින් සමන්විත වන අතර, එය යටත් විජිත යුගයේ උරුමය සහ සමකාලීන සුඛෝපභෝගීත්වය එකතු කළ අපූරු අත්දැකීමක් ලබා දෙයි. තේ වතු චාරිකා, සම්මානනීය හයි ටී (High Tea) අත්දැකීම් සහ දේශීය සංස්කෘතිය ඉස්මතු කරන මෙම සත්කාරකත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ලැබුණු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.














