හලාවත, කරුකපනේ වෙරළට ඔබ්බෙන් ඊයේ (24) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ටොන් තුනකට අධික බරකින් යුත් බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි බෝට්ටු 3ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීඩි කොළ තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 3,135ක් වන අතර, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද මෙම තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට නියමිතය.














