සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තීරණාත්මක දෙවන එක්දින තරගයෙන් කඩුලු 2ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේදී, පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 273ක් රැස්කළ අතර (සිද්‍රා අමීන් නොදැවී ලකුණු 100යි), ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.5කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
මෙහිදී ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න පන්දු 123කින් ලකුණු 123ක් රැස්කළ අතර, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 100ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළාය. මේ වන විට තරග 3කින් යුත් තරගාවලිය 1 – 1ක් ලෙස දෙපිළම සම මට්ටමේ පසුවේ.














