රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවේ අදහස් දක්වමින් කසකස්ථාන ජනාධිපති කාසිම්-ජොමාර්ට් ටොකායෙව් (Kassym-Jomart Tokayev) පවසා ඇත්තේ යුක්‍රේන යුද්ධය තාවකාලිකව නවතා (freeze) සාම සාකච්ඡා වෙත යළි පිවිසීමෙන් සාම ගිවිසුමකට එළඹිය හැකි බවයි.
රුසියාවේ ඔම්ස්ක් නගරයේ පැවති රුසියානු-කසකස්ථාන අන්තර් කලාපීය සහයෝගීතා සංසදයේදී (Russia–Kazakhstan Interregional Cooperation Forum) රුසියානු ජනාධිපතිවරයා අසල සිටිමින් ඔහු මේ බව සඳහන් කර ඇත. මහා බලවතුන්ගේ ආරක්ෂක සහතික මත 2022 සහ 2025 වසරවල ඉස්තාන්බුල් සාම සූත්‍රය වෙත නැවත හැරී සාමය කරා ගමන් කළ හැකි බවත්, පුටින්ගේ රාජ්‍යතාන්ත්‍රික නම්‍යශීලීභාවය ප්‍රශංසනීය බවත් ටොකායෙව් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















