යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් තෙල් පිරිපහදුවලට සිදුවූ හානි නිසා ඇති වූ පෙට්‍රල් හිඟය සහ මිල ඉහළ යෑම පාලනය කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටියද, රුසියාවේ සමහර ප්‍රදේශවල, විශේෂයෙන් සයිබීරියානු ප්‍රදේශවල ඉන්ධන සැපයුම් ගැටලු තවදුරටත් පවතින බව නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් (Alexander Novak) පවසයි.
දේශීය ඉන්ධන වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා පෙට්‍රල් අපනයන තහනම වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවත්, වෙළඳපොළ යථා තත්ත්වයට පත්වන විට ඩීසල් අපනයන තහනම ඉවත් කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. අවශ්‍ය වුවහොත් කසකස්ථානයෙන් අතිරික්ත පෙට්‍රෝලියම් නිෂ්පාදන රුසියාවට ලබා ගැනීමටද හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















