බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේදී අද රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයා මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙසේ මියගො ඇත්තේ නිවාඩු නිකේතනයක හිමිකරුවකු වන 55 හැවිරිදි මල්ලව ආරච්චියේ නෙල්සන් සුදන් අමරසිංහ නමැති අයෙකි. වෙඩි ප්‍රහාරයට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















