රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ඉක්මවා ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැවැත්වෙන සංවාදය පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් අදහස් දක්වා තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටෙන වයස අවුරුදු 70 හෝ 75 දක්වා දීර්ඝ කිරීමෙන්, දීර්ඝ කාලයක් ලෞකික ධනය සෙවීම සඳහාම කාලය ගතවී මිනිසාට සිය ආධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමට ඇති කාලය සම්පූර්ණයෙන්ම අහිමි වන බව උන්වහන්සේ පෙන්වා දී ඇත.
ඓතිහාසික වශයෙන් රට පාලනය කළ රජවරුන්ට මහානායක හිමිවරුන් සහ සංඝරාජයන් වහන්සේලා අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළ බවත්, ජනාධිපතිවරයාටත් වඩා ඉහළින් එවැනි අනුශාසනා ලබාදෙන නායකයන් සිටීම නිසා මෙරට “ධර්මදීපයක්” සහ “පෙරදිග ධාන්‍යාගාරයක්” බවට පත් වූ බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.














