විදෙස්ගත ශ්‍රමිකයන් තම සේවා කාලය අවසන් කර නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව, ඔවුන්ගේ ආයෝජන සහ ව්‍යවසායකත්ව කටයුතු සඳහා ඌණ උපයෝජිත රජයේ ඉඩම් අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා සමඟ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ 2026 සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදී වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ආයතන ඒකාබද්ධ කිරීම, රාජ්‍ය ඉඩම් ගිවිසුම් යාවත්කාලීන කිරීම, සහ මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.














