බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මැණික් ගැරීමේ උපකරණ සමඟ බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදී ඊයේ (25) අලුයම මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 40 සහ 54 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.
බගවන්තලාව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














