මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී “රිවස්ටන්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර අද (26) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
එහිදී මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර, ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔවුන් පිළිගැනීම සඳහා “රිවස්ටන්” චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.














