අදින් වසර මිලියන ගණනකට පෙර මිනිසාටත් කලින් පෘථිවියේ දියුණු කාර්මික ශිෂ්ටාචාරයක් ජීවත් වී විනාශ වී ගියේ දැයි සෙවීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් දෙදෙනෙකු වන මහාචාර්ය ඇඩම් ෆ්‍රෑන්ක් සහ ගැවින් ෂිමිට් විසින් **”සිලූරියන් උපකල්පනය” (Silurian Hypothesis)** නමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් එළිදක්වා තිබේ.
පෘථිවි ඉතිහාසය හා සැසඳීමේදී මිනිසා කාර්මික යුගයකට පිවිසී ඇත්තේ ඉතා කෙටි කාලයකි. යම් හෙයකින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි ශිෂ්ටාචාරයක් පැවතුණේ නම්, කාලයත් සමඟ ඒවායේ නගර සහ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම මැකී යා හැකි බව මෙමඟින් පෙන්වා දෙයි.














