බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර, මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 675 දෙනෙකු වාර්තා වී ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.පවතින මෙම අවදානම් තත්ත්වය හමුවේ ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ එක්ව ගෙයින් ගෙට ගොස් පරීක්ෂා කිරීම් සිදු කර තිබේ.
මෙම පරික්ෂාව අතරතුර එක්තරා නිවසක ශීතකරණයේ තැටිය සහ ගෙවත්ත ඇතුළු ස්ථාන හයක ඩෙංගු කීටයන් බෝ විය හැකි අයුරින් ජලය රැඳී තිබියදී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.ඒ අනුව, ඩෙංගු කීටයන් බෝවීමට ඉඩහැරීමේ වරද මත එම නිවසේ හිමිකාරියට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ. මීට අමතරව, ඩෙංගු මර්දන උපදෙස් පිළිනොපැද්ද තවත් නිවාස කිහිපයකට රතු නිවේදන නිකුත් කර දැඩි ලෙස අවවාද කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.














