විපක්ෂය කෙසේ කීවද රටේ බහුතර ජනතාවක් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය සමග බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය. ඒ මහතා මේ බැව් කියා සිටියේ ඊයේ (26) දින හැටන් නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමིණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දා පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පසු විපක්ෂය බංකොලොත් වී ඇති බව පැහැදිලි වන බවත්, විපක්ෂ නායකයා සිදු කළ යුත්තේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කිරීම වෙනුවට ප්‍රබල විපක්ෂයක් ස්ථාපනය කිරීම බවත්ය. විපක්ෂය වටා අද සිටිනුයේ සිරගත වීමට, ඇප මත සිටින සහ විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ පිරිස් බවද හෙතෙම පෙන්වා දුන්නේය.රටේ ජනතාව ජනාධිපතිවරයා සහ රජය සමඟ ස්ථිරවම සිටින බවත්, ඒ අතරින් වතුකරයේ ජනතාවගෙන් 95%ක ප්‍රමාණයක් රජය සමඟ සිටින බවත් සුන්දරලිංගම් ප්‍රදීප් මහතා වැඩිදුරටත් කියා සිටියේය.














