SAIC Motor සමාගම ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහැරීමෙන් ගෝලීය මෝටර් රථ කර්‌මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. චීන මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසයේ මෙම ජයග්‍රහණය අත්කරගත් ප්‍රථම සමාගම වන්නේ ද SAIC Motor සමාගමයි. එම සන්ධිස්ථානය සනිටුහන් කරමින් නිෂ්පාදනය කර ඇත්තේ IM Motors LS9 Hyper රථය වන අතර, ශ්‍ර්‍රී ලංකාවේ Evolution Auto සමාගම විසින් නියෝජනය කරන IM Motors සන්නාමය පිටුපස පවතින ගෝලීය නිෂ්පාදන ශක්තිය ද මෙයින් තහවුරු වන බව සඳහන් වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ, SAIC Motor සමාගම වාහන මිලියන 100ක් බෙදාහැරීම දශක ගණනාවක ඉංජිනේරු විශිෂ්ටත්වය, නිෂ්පාදන හැකියාව සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. SAIC Motor වැනි ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ ශක්තිය සමඟ ශ්‍ර්‍රී ලංකාවේ IM Motors පාරිභෝගිකයන්ට උසස් අලෙවියෙන් පසු සේවා, විශ්වාසවන්ත මුල් අමතර කොටස් සහ දිගුකාලීන දේශීය සහාය ලබාදීමට Evolution Auto සමාගම කැපවී සිටින බව ද ඔහු සඳහන් කළේය.
වසර 70කට වැඩි ඉතිහාසයක් සහිත SAIC Motor සමාගම අද වන විට ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයන් අතර ස්ථානයක් හිමිකරගෙන ඇති අතර, එහි වාහන රටවල් සහ කලාප 170කට අධික සංඛ්‍යාවක අලෙවි කරනු ලබයි. ශ්‍ර්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළෙඳපොළ වේගයෙන් වර්‌ධනය වන පසුබිමක මෙම ජයග්‍රහණය IM Motors සන්නාමය පිටුපස පවතින ජාත්‍යන්තර නිෂ්පාදන ශක්තිය සහ තාක්ෂණික හැකියාව තවදුරටත් තහවුරු කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














