ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාංශය (USTR) මගින් ක්‍රියාත්මක කරන ලද ‘Section 301’ විමර්ශනවල අවසන් තීරණය අනුව ශ්‍රී ලංකාවට 10%ක අඩු තීරුබදු අනුපාතයක් හිමිවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය විශේෂ ප්‍රසාදය පළ කර තිබේ.
ආරම්භක තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව ඇතුළත්වීමට නියමිතව තිබුණේ 12.5%ක ඉහළ තීරුබදු කාණ්ඩයටයි. එසේ වූයේ නම් බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ කාම්බෝජය වැනි 10% තීරුබදු හිමි තරගකාරී රටවල් හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය විශාල අවාසියකට ලක්වීමට ඉඩ තිබුණි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය කළ ප්‍රබල කරුණු දැක්වීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස 10% තීරුබදු කාණ්ඩයට ඇතුළත් වීමට හැකිවීම නිසා මෙරට ප්‍රධානතම අපනයන ක්ෂේත්‍රය වන ඇඟලුම් කර්මාන්තයේ ජාත්‍යන්තර තරගකාරීත්වය සහ රැකියා සුරක්ෂිත වී තිබේ.














