යුක්‍රේනයේ ගිනිකොනදිග ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dnipropetrovsk) ප්‍රදේශයට රුසියානු හමුදාව එල්ල කළ කාලතුවක්කු සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාර ඔලෙක්සැන්ඩර් හන්ෂා (Oleksandr Hanzha) ප්‍රකාශ කර තිබේ.
රුසියානු හමුදාවන් විසින් එම ප්‍රදේශයේ දිස්ත්‍රික්ක පහක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර 50කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව Telegram සටහනක් තබමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. ඩ්නිප්‍රෝ නදිය ආසන්නයේ පිහිටි නිකොපොල් (Nikopol) නගරය අසලදී දෙදෙනෙකු සහ සි නෙල්නිකොව් (Synelnykove) නගරය අසලදී එක් අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














