ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මඟින් රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ පළාත් පාලන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සහ එම දත්ත අනුමත කිරීම ලබන 31 වැනිදායින් අවසන් වේ.
සියලුම අග්‍රහාර සාමාජිකයන් එදිනට පෙර අනිවාර්යයෙන්ම දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිය තොරතුරු යාවත්කාලීන කළ යුතු අතර, අදාළ ආයතනවල අග්‍රහාර විෂයභාර නිලධාරීන් විසින් එම දත්ත සත්‍යාපනය කිරීම සහ ආයතන ප්‍රධානීන් විසින් ඒවා අනුමත කිරීම ද අනිවාර්ය කර ඇත.
නියමිත දිනට පෙර මෙම කටයුතු අවසන් කිරීම මඟින් අග්‍රහාර හිමිකම් සහ රක්ෂණ ප්‍රතිලාභ කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට සාමාජිකයන්ට අවස්ථාව හිමිවන බව ජාතික රක්ෂණ භාර අරමුදල පවසයි.














