කෝටි ගණනක් රේගු බදු වංචා කරමින් හොර පාරෙන් රටට ගෙනවිත් ලියාපදිංචි කර මහ මඟ ධාවනය කරනු ලබන රථවාහන 500කට ආසන්න ප්රමාණයක් සොයා ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම වාහන අතරින් වැඩි ප්රමාණයක්ම සුඛෝපභෝගී වාහන වන අතර, ඒවා කොටස් කර මෙරටට රැගෙනවිත් එකලස් කර ඇත්තේ දූෂිත රේගු සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද සහය ඇතිව බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
පසුගිය ආණ්ඩු කාලවලදී මෙලෙස හොර පාරෙන් රටට ගෙනවිත් ලියාපදිංචි කර ඇති මෙම වාහන රැසක් හඳුනාගෙන ඇති අතර, ඉදිරියේදී ඒවා සිය භාරයට ගැනීමට ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සූදානමින් සිටියි.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් මෑතකදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට පෙරද දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් පරිහරණය කළ එවැනි හොරට ලියාපදිංචි කළ වාහන රැසක් සොයාගෙන තිබිණි.














